මම ඒකට කැමති නෑ...

දුලානි අනුරාධා ප්‍රනාන්දු

  • Currently 2.80/5
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Rating: 2.8 out of 5 votes
Comments (0)
You need to have the Flash Player installed and a browser with JavaScript support.
Amma Sinhala Tele Drama Videos
 
Ran Samanalayo Sinhala Tele Drama Videos
 
Sihina Piyapath Sinhala Tele Drama
 
Ruwan Maliga Sinhala Tele Drama
 
Malee Sinhala Tele Drama
 
Sapumalee Sinhala Tele Drama
 
Uthpalaa Sinhala Tele
 
Adara Ahasa Tharam Sinhala Tele Drama
 
Man Aasai Piyabanna Sinhala Tele Drama
 
Sanda Siththam Sinhala Tele Drama
 
Bharriyavo Sinhala Tele Drama
 
Doowaru Sinhala Tele Drama
 
Aadariye Sinhala Tele Drama
 
Arundathi Sinhala Tele Drama
 
Sihina Puraya Sinhala Tele Drama
 
Isiwara Ranakeli Sinhala Tele Drama
Lights off
Sorry, your favorites list is FULL.




Description

මෑතකාලීනව සිංහල සිනමාව තුළ බො‍හෝ කතාබහට ලක්වූ චිත්‍රපටයක් වන ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ"අබා"චිත්‍රපටය තුළින් ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිකරගත් ශිල්පිණියක මෙවර ආලින්දය සමග එක්වෙලා සිටියි."අබා" චිත්‍රපටයේ"ගුම්බකබූතා"ලෙස චරිත නිරූපණය කළ ඇය එම ප්‍රථම රංගනය තුළින් 2008 වසරේ හොඳම රංගන ශිල්පිණිය ලෙස සරසවි සම්මානය දිනාගැනීමටත් සමත්විය. එතැන් සිට පුංචි තිරය තුළින්ද ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වීමට අවස්ථාව හිමිකරගත් ඇය දුලානි අනුරාධායි

*සම්පූර්ණ නම: පාලමන්ඩඩීගේ දුලානි අනුරාධා ප්‍රනාන්දු

*උපන්දිනය: දෙසැම්බර් 16

*ලග්නය : කන්‍යා

*උස : අඩි 05 අඟල් 05

*පදිංචිය : පානදුර

*දුලානි, කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

පහුගිය දවස්වල"කුවේණි"චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා. නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා. නමුත් මට ටික දවසක් නිදහසේ ඉන්න ඕන කියලා හිතුණා. කුවේණි චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් මම ගොඩක් වෙහෙසුණා. ඒ නිසා මේ කාලේ පොඩ්ඩක් නිසංසලව ඉන්න හිතුණා.

*මේ දවස්වල පුංචි තිරයේ රංගනය පැත්තෙන් ඔබ තරමක් නිහඬයි නේද?

මම "කුවේණි" චිත්‍රපටයට කලින් මම"පරාවර්තන" කියලා ජයනාත් ගුණවර්ධන මහතාගේ චිත්‍රපටයකට දායක වුණා. ඊට කලින් "සංගිලි" චිත්‍රපටයට දායකවුණා. මම සිනමාවට ටිකක් වැඩිපුර කාලය යොදවලා තිබුණා. ඒ එක්කම මට හිතුණා සිනමාවට සම්බන්ධ වෙලා ඉන්න නිසා පුංචි තිරයෙන් ටිකක් ඈත්වෙලා හිටියොත් හොඳයි කියලා.

*ඔබ මේ වෙද්දි වෘත්තීය වශයෙන් රංගනය හෝ වෙනත් ක්ෂේත්‍රයක් තෝරාගෙන තිබෙනවාද?

ඔව්, මට ගුරුවරියක වශයෙන් පත්වීමක් ලැබුණා. ඇත්තටම මට රංගනයට අවස්ථාවක් ලැබුණෙත් නර්තනය හරහායි. ඒක තමයි මම ඉගෙනගත්ත දේ. ප්‍රගුණ කළ දේ. ඉතින්, මං එය අනිවාර්යයෙන්ම මේ රටේ දරුවන්ට ඉගැන්විය යුතුයි‍ කියන තීරණේ මං ඉන්නවා. මම කළුතර බාලිකා විද්‍යාලයේ මේ වනවිට සේවය කරනවා.

*කොහොමද ඔබට කලා ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ?

මගේ නර්තනය හරහා ජැක්සන් ඇන්තනි මහතා"අබා"චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලබාදුන්නේ. ඔහු සොයමින් සිටියේ නර්තනය සහ රංගනය එක්ක අලුත් මුහුණක්. ඒ නිසා ඒ අවස්ථාව මට ලැබුණා.

*දුලානි, නවක ශිල්පිණියන් සමග ඔබට තරගකාරිත්වයක් නැද්ද?

මම ගොඩක් වෙලාවට කලාවත් එක්ක තරගයක් කියන දෙය අනුමත කරන්නේ නෑ. කලාකරුවන් රැඳිලා ඉන්නේ තමන් කරන දෙය කොයිතරම් දුරට සාර්ථක ද කියන දෙයත් එක්ක. ඒ හැරෙන්න අපි ජනමාධ්‍යය තුළ රැඳිලා හිටියා කියලා ජනතාවගේ සිත් තුළ කාලයකට රැ‍ඳෙන්න බෑ. ඒක මිනිස්සු දැකලා එතනින් ඉවරවෙනවා. මං හිතන්නේ නෑ රටේ ජනතාව එතරම් බුද්ධියෙන් අඩු පිරිසක් කියලා. ඔවුන් පෙන්වන දෙය බලං ඉන්නවා. නමුත් ඔවුන් හරියටම හඳුනනවා කලාවට සහ කලාවේ ප්‍රගතියට සාධාරණයක් කරන්නේ කවුද කියලා. කලාව කියන්නේ වෙනම දෙයක්. කලාව කියන දෙය අපි ප්‍රගුණ කරමින්, අත්දැකීම් ලබමින්, පර්යේෂණ කරමින් ඒ හැමදෙයක් සමගම කාලයත් සමග තමයි කලාකරුවා නිර්මාණය වෙන්නේ. මම ගොඩක් වෙලාවට තරගයකට පිවිසෙන්නේ නෑ. අපිට විවිධ වෘත්තීන්වලට අපිට ආරාධනා ලැබෙනවා. අරාධනාවක් ලැබුණු පමණින් අපිට එය බාරගන්න පුළුවන්ද කියන දෙය හිතන්න ඕන. ඒ වගකීම ඉටුකරන්න පුළුවන්ද? ඒ හැමදෙයක් එක්කම තමයි මං මට පුළුවන් අංශයේ විතරක් රැඳිලා ඉන්නේ.

*ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සදාචාරය මේ වගේ කරුණුත් එක්ක කලා ශිල්පිණියකට අනිවාර්යයෙන්ම යම් සීමා මායිම්වලට මුහුණදෙන්න සිදුවෙනවා. රංගන ශිල්පිණියක් විදිහට ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මම හිතනවා අපි සංස්කෘතියත් එක්ක ජීවත්වෙද්දි ඒ සංස්කාතියට අදාළව ජීවත්විය යුතුයි. නැත්නම් ඒ සංස්කෘතිය තුළින් අපිට අයින්වෙන්න වෙනවා. ඒ නිසා මම ඒ සංස්කෘතියට ගරු කරනවා සහ ඒ තුළ රැඳිලා ඉන්නවා.

*ඔබ ජනප්‍රියත්වය දකින්නේ කොහොමද?

සාමාන්‍ය ආකාරයට අපි ඕන තැනකට යනවා නම් බොහෝදෙනෙකු අතර එය කතාබහට ලක්වෙන්නේ නෑ. නමුත් මීට පෙර කලාකරුවන් ගැන ජනතාව තුළි තිබුණු ආදරය, ගෞරවය අද වෙනකොට මම දකින්නේ නෑ. මොකක්ද හේතුව කියන දෙය මම දන්නේ නෑ. ඉස්සර වගේ තරුවක් කිව්වම තියෙන ආසාව, ආදරය ගොඩක් වෙලාවට කොළඹ ආසන්නයේ නම් හරි අඩුයි. ඇත්තටම මම ජනප්‍රියත්වය ප්‍රශ්නයක් කරගෙන නෑ. මට හිතුණු තැනකින් මම ඇඳුමක් ගන්න, කෑම කන්න ඒ වගේ දේවල් ගැන මම හිතන්නේ නෑ.

*චිත්‍රපටක අඩ නිරුවත් රංගනයක් සඳහා ඔබ එකඟත්වය පළකර ඇති බවට පසුගිය දවස්වල විවිධ වෙබ් අඩවි ඔස්සේ ආරංචි ලැබුණා. එම ආරංචිවල කිසියම් සත්‍යතාවයක් තිබෙනවාද?

ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මම දන්නේ නෑ ඒ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ අරමුණ මොකක්ද කියලා. අපි හිතනවා ජනමාධ්‍යයේ වගකීම විය යුත්තේ සත්‍ය තොරතුරු ඉක්මනින් ජනතාව වෙත ගෙනයාම කියලා. අසත්‍යය තොරතුරක් ඒ විදිහට ගෙනගියා කියලා වැඩක් වෙන්නේ නෑ. ඒ විදිහෙ පිටපතක් මට ලැබිලත් නෑ. ඔය කියන අධ්‍යක්ෂවරයා මට එවැනි රංගනයකට කතාකරලත් නෑ. එතනදි මාධ්‍යය විසින්ම ඔවුන්ව විහිළුවකට ලක්කරගෙන තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

*ඉදිරියේදී ඔබට හොඳ නිර්මාණයක් සඳහා එවැනි ආරාධනාවක් ලැබුණොත් ඔබ බාරගැනීමට සූදානම්ද?

කිසිසේත්ම මම එවැනි නිර්මාණයකට කැමැත්ත දක්වන්නේ නෑ. කලින් කිව්ව විදිහට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය තුළ මම එවැනි දෙයක් කළොත් මට ලෝකයෙන් සම්මාන ගන්න පුළුවන් වුණත් මගේ රට තුළ මට තිබෙන ගෞරවය නැතිවෙනවා. මම ඒකට කැමති නෑ.

*ක්ෂේත්‍රය තුළ මේ සම්බන්ධව ලැබුණු ප්‍රතිචාර මොනවගේද?

ගොඩක් වෙලාවට වෙබ් අඩවි හරහා තමයි මෙවැනි අකටයුතුකම් වෙන්නේ. අපේ රංගන ශිල්පීන් ශිල්පිණියන් මේ වෙද්දි ඒ ගැන තැකීමක් කරන්නේ නෑ. ඒ දේවල්වලට ඔවුන් පිළියම් කරන එක ඔවුන් අත්ඇරලා දාලා තියෙන්නේ. අපි ඉන්න ක්ෂේත්‍රය තුළ ප්‍රශංසාව, නින්දාව, අපහාසය, කීර්තිය මේ හැමදෙයක්ම එක්කම අපිට යන්න වෙනවා. මේ ක්ෂේත්‍රය තුළ අපිට තියෙන්නේ ඒ දේ තමයි. ඉතින් අපි ඒ හැමදෙයක්ම දරාගෙන ඉදිරියට යා යුතුයි.

*දුලානි, අපි දැන් ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් විස්තර ටිකක් කතාකරමු. ඔබේ පවුලේ සාමාජිකයින් ගැන කතාකළොත්?

ගෙදර මමයි, අම්මයි, තාත්තායි, අයියයි. මගේ අයියා විදේශගත වෙලා ඉන්නේ. ආසාවෙන් ඉන්නවා අයියා ආපහු ගෙදර එනකං. ගොඩක් කාලෙකින් ආවෙ නෑ.

*ඒ වගේම අපට දැනගන්න පුළුවන්ද දුලානි අනුරාධා කියන්නේ මේ වෙද්දි ආදරණීය පෙම්වතියක්ද කියලා?

මේ වෙනකොට මම පෙම්වතියක් නෙමේ. ආදරයට ඕනම කෙනෙක් කැමතියි. ජීවිතය පටන්ගත්ත දවසේ ඉඳන් ජීවිතේ නිමාවෙනකම්ම සියලු සත්වයෝ ආදරය ලබන්න කැමතියි. මම ආදරයට කැමති සහ ආදරයට ගෞරව කරන කෙනෙක්. ආදරය ගැන කතාකරද්දි අපි එක් එක් වයස් සීමාවන්වලදී අපි එක් එක් විදිහට හිතන්නේ. උදාහරණයක් විදිහට පාසල් වයසේදී ආදරය ගැන අපිට තියෙන සිතුවිලි මේ වෙද්දි වෙනස්. ජීවිතයේ අත්දැකීම් මේ හැමදෙයක් එක්කම මං එදා දැකපු පිරිමියාට නෙමෙයි අද ආදරය කරන්නේ සහ මම ආදරය කරන්න හිතන්නේ. ඒ ඒ කාල වකවානුත් එක්ක සිතුවිලි වෙනස් වෙනවා. මේ වෙලාවෙ ඇත්තටම මට දැනෙන්නේ මම හොයන කෙනා මං ගැන විශ්වාසයක් තියෙන, මාව රැකබලාගන්න පුළුවන්, මගේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් විය යුතුමයි.

*ඔබේ රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබුණු අවස්ථා නැද්ද?

අප්‍රමාණයි.

*ඔබ සාමාන්‍යයෙන් ඔබේ ජීවිතයේදී වඩාත් සංවේදී වෙන්නේ මොනවගේ අවස්ථාවලදීද?

එහෙම ලොකු දෙයක් මතකයට එන්නේ නෑ. නමුත් මම හැමවෙලාවකම සංවේදියි. මට ඉක්මනින් ඇ‍ඬෙනවා. ඉක්මනින් හිනාවෙනවා. ඒ දෙකම වෙන්නේ සංවේදීකම අධික නිසා. සාමාන්‍යයෙන් අම්මා සම්බන්ධව මම ගොඩක් සංවේදී වෙනවා. මොකද අම්මා තමයි මට ගොඩක්ම ළඟින් ඉන්න කෙනා. ඉතින් මට වෙලාවකට ටිකක් තරහ යන්නෙත් එයත් එක්ක. නමුත් වැඩිපුරම ආදරය කරන්නෙත් එයත් එක්ක. ඒ හැරෙන්න එහෙම අමතක නොවන, බැරෑරුම් ලොකු අත්දැකීමක් නම් නෑ.

*ඔබට ලැබෙන විවේක කාලය ඔබ ගතකරන්න කැමති කොහොමද?

පාසල් අවධියේ ඉඳලා මගේ හොඳම යාළුවො කිහිපදෙනෙක් ඉන්නවා. විවේකයක් ලැබුණම ඔවුන්ව මුණගැහිලා, ඔවුන් එක්ක කතාකරලා, සින්දුවක් කියලා පුංචි සතු‍ටක් ලබනවා. මම රූගත කිරීම්වලට ගියත් ආයේ යාළුවො හම්බවෙන්නේ කොයිවෙලේද කියලා තමයි බලාගෙන ඉන්නේ.

*සාමාන්‍ය ජීවිතයේ දුලානි අනුරාධා හඳුන්වාදෙන්න පුළුවන් කොහොමද?

මම සාමාන්‍ය යුවතියක් කියලා කිව්වොත් හරි. මම ජනප්‍රියත්වය කියන දෙයත් ගොඩක් ඔළුවට අරගත්ත කෙනෙක් නෙමෙයි.

HARD TALK

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ එය බාරගන්නවද?

නැහැ.

*ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගෙන් ඔබ කිසියම් අවස්ථාවක බැනුම් අහලා තියෙනවද?

මේ දක්වා නැහැ.

*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු කවදා හෝ ඔබට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවද?

කවුරුත්ම එවැනි යෝජනාවක් කරලා නැහැ.

*ඔබ ඉදිරිපත් කළ රංගනයන් අතරින් ඔබ අසාර්ථකයි කියලා හිතුණු අවස්ථාවක් තියෙනවද?

එවැනි අවස්ථා බොහොමයක් තියෙනවා.

Tags



This video is already in your favorites list.

Your name:


Your comment:


Confirm:



* Please keep your comments clean. Max 400 chars.

Comments

Be the first to comment


Lanka Channel on Facebook
Artist: දුලානි අනුරාධා ප්‍රනාන්දු
Video title: මම ඒකට කැමති නෑ...
Category: Interviews
Views: 1074
Submitted by: admin







Advertise with Lanka Channel